මද්‍යසාර අවභාවිතය

ඔබ හානිකර මට්ටමින් මද්‍යසාර භාවිත කරයි නම් හෝ ඔබ මත්පැන් පානයෙන් තොරව සාමාන්‍ය ජීවිතය ගත කිරීම අපහසු නම් එය මද්‍යසාර අවභාවිතයයි. මද්‍යසාර මගින් ඇතිවන සෞඛ්‍ය අවදානම් අවම මට්ටමකින් පවත්වා ගැනීමට, සතියකට ඒකක 14 ට වඩා වැඩියෙන් භාවිතා නොකිරීමට කාන්තා හා පිරිමි දෙපක්ෂයටම අවවාද කෙරේ.

මද්‍යසාර ඒකකයක් යනු ශුද්ධ මද්‍යසාර ග්‍රෑම් 8ක් හෝ මිලිලීටර් 10කි, එනම්:

  • අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ සැර ලාගර්/බියර්/සයිඩර් පයින්ට් බාගයක් (මද්‍යසාර පරිමා ප්‍රතිශතය 3.6%)
  • ස්ප්‍රීතු මිලිලීටර් 25 (25ml ) ක තනි කුඩා ප්‍රමාණයක් (මද්‍යසාර පරිමා ප්‍රතිශතය 40%)

වයින් කුඩා වීදුරුවක (125 මි. ලී, මද්‍යසාර පරිමා ප්‍රතිශතය 12%) මද්‍යසාර ඒකක 1.5ක් පමණ අඩංගුය.

අඩු අවදානම් මත්පැන් පානය සඳහා උපදෙස්

මද්‍යසාර මගින් ඇතිවන හානිකර බලපෑම්වල අවදානම අඩු කරගැනීමට:

  • සතියකට මද්‍යසාර ඒකක 14 කට වඩා වැඩියෙන් පුරුද්දක් ලෙස භාවිතා නොකිරීමට කාන්තා පිරිමි දෙපක්ෂයටම උපදේශිතයි
  • ඔබ ඒකක 14ක් තරම් භාවිත කරන්නේ නම්, එය දින 3ක් හෝ ඊට වැඩි ගණනක් පුරා බෙදීයන ලෙස භාවිත කිරීම වඩාත්ම සුදුසුයි
  • ඔබ මත්පැන් පානය කරන ප්‍රමාණය අඩු කිරීමට උත්සාහ කරන්නෙක් නම්, සෑම සතියකම මද්‍යසාර භාවිත නොකරන දින කිහිපයක් තබා ගැනීම හොඳ අදහසකි
  • ඔබ ගර්භණී මාතාවක් නම් හෝ ගර්භණී බව බලාපොරොත්තුවෙන් සිටින්නේ නම්, ඔබේ දරුවාට ඇති අවදානම අවම කිරීමට හොඳම ක්‍රමය නම් මද්‍යසාර කිසිසේත් පානය නොකර සිටීමයි

පුරුද්දක් ලෙස හෝ නිරන්තරයෙන් බීමත් වීම යනු බොහෝ දින හා සතිවලදී මත්පැන් පානය කිරීමයි.

ඕනෑම මද්‍යසාර ප්‍රමාණයක් පුරුද්දක් ලෙස භාවිතා කිරීම මගින් ඔබේ සෞඛ්‍යයට ඇති අවදානම ඉහළ යයි.

මද්‍යසාර අවභාවිතයේ අවදානම්

කෙටි කාලීන මද්‍යසාර අවභාවිතයේ කෙටි කාලීන අවදානම් වන්නේ:

  • හිසට සිදු වන අනතුරු වැනි රෝහල්ගත කර ප්‍රතිකාර අවශ්‍ය වන හදිසි අනතුරු හා තුවාල
  • ප්‍රචණ්ඩකාරී හැසිරීම් හා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STI) අනවශ්‍ය පිළිසිඳගැනීම් වලට හේතු විය හැකි අනාරක්ෂිත ලිංගික හැසිරීම්
  • මුදල් පසුම්බි, යතුරු හෝ ජංගම දුරකථන වැනි පෞද්ගලික බඩු බාහිරාදිය නැතිවීම්
  • මද්‍යසාර විෂවීම - මෙනිසා වමනය, වලිප්පුව සහ සිහි විසඥව වැටීම සිදු විය හැක

ඉඳහිට මත්පැන් පානය කරන(කෙටි කාලයක් තුළ විශාල ප්‍රමාණයක් පානය කිරීම) අයවලුන් නොසැලකිලිමත් ලෙස හැසිරීමට වැඩි ඉඩක් ඇති අතර අනතුරු වලට ලක් වීමේ වැඩි අවදානමක්ද ඇත.

දීර්ඝ කාලීන දීර්ඝ කාලීන මද්‍යසාර අවභාවිතය බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වීමට ඔබට ඇති අවදානම වැඩි කරයි, එම ගැටලුවලින් කීපයක් නම්:

බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වීම මෙන්ම, දීර්ඝ කාලීන මද්‍යසාර අවභාවිතය නිසා විරැකියාව, දික්කසාද වීම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නිවාස අහිමි වීම වැනි සාමාජයීය ප්‍රශ්නද සමහර මිනිසුන්ට ඇතිවිය හැක.

යමෙක් මත්පැන් පානය පාලනයකින් තොරව සිදු කරයි නම් හෝ මත්පැන් පානයට අධික ආශාවක් දක්වයි නම්, එය මත්පැන් වලට ඇබ්බැහි වීම (මත්පැන් මත යැපීම) ලෙස හැඳින්වෙයි.

මත්පැනට ඇබ්බැහි වීම සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ජීවන තත්ත්වයට හා සම්බන්ධතා වලට බලපාන නමුත්, ඔවුහු එය සෑමවිටම පහසුවෙන් පිළිනොගනිති.

දැඩි ලෙස ඇබ්බැහි වූවන්ට බොහෝ විට සමහර මිනිසුන්ට මාරාන්තික විය හැකි මට්ටමේ ඉතා අධික මද්‍යසාර මට්ටම් ද දරා ගත හැක.

ඇබ්බැහි වූවෙක් එක්වරම මත්පැන් පානය අඩු කළහොත් හෝ නතර කළහොත් එනිසා පහත ආකාරයේ කායික මානසික රෝග ලක්ෂණ ඇතිවිය හැක, ඒවා නම්:

මෙම රෝග ලක්ෂණ මග හැරීම සඳහා බොහෝ විට "සහනය සඳහා මත්පැන් පානය" කිරීමට සිදුවේ.

මම ඕනෑවට වඩා මත්පැන් පානය කරනවාද?

ඔබ පහත තත්ත්ව වලට මුහුණ දේ නම් ඔබ මද්‍යසාර අවභාවිත කරන්නෙක් විය හැක:

  • ඔබටම ඔබේ මත්පැන් පානය අඩු කළ යුතු බව දැනෙන්නේ නම්
  • අනෙක් අය ඔබේ මත්පැන් පානය විවේචනය කර ඇත්නම්
  • ඔබට මත්පැන් පානය ගැන වරදකාරී හැගීමක් ඇතිවේ නම්
  • ඔබට දවස ඇරඹීමට පෙර මනස නිරවුල් කරගැනීමට හෝ ඇඟට දැනෙන අසනීප තත්වයෙන් මිදීමට උදෑසන මුලින්ම මත්පැන් අවශ්‍ය නම්

ඔබ දන්නා කෙනෙකු පහත හැසිරීම් දක්වන්නේ නම් ඔහු මද්‍යසාර අවභාවිත කරන්නෙක් විය හැක:

  • ඔවුන් සතියකට මද්‍යසාර ඒකක 14 කට වඩා වැඩියෙන් පුරුද්දක් ලෙස භාවිතා කරයි නම්
  • ඔවුන්ට සමහර අවස්ථාවලදී බීමත්කම නිසා පෙරදින රාත්‍රියේ සිදු වූ දෑ අමතක වේ නම්
  • ඔවුන් ඔවුන්ගෙන් අපේක්ෂිත කාර්යයන් ඉටු කිරීමට අසමත් වෙයි නම් (උදාහරණ ලෙස බීමත්ව සිටීම නිසා කලින් යොදාගත් හමුවක් හෝ රාජකාරි කටයුතු මග හැරීම)

උදව් ගැනීම

ඔබේ හෝ වෙනත් කෙනෙකුගේ බීමත්කම පිළිබඳ ඔබට සිතේ කලබලයක් ඇත්නම්, වෛද්‍යවරයකු හමුවීම හොඳ පළමු පියවරකි. ඔවුන් දැනට පවතින සේවා හා ප්‍රතිකාර ගැන ඔබ සමග සාකච්ඡා කරනු ඇත. ඔබේ මත්පැන් භාවිතය, පහත දැක්වෙන ආකාරයේ පරීක්ෂණ මගින් තක්සේරු කරනු ඇත:

මද්‍යසාර අවභාවිතයට ප්‍රතිකාර කිරීම

පුද්ගලයකු පානය කරන මද්‍යසාර ප්‍රමාණය මත මද්‍යසාර අවභාවිතයට කෙරෙන ප්‍රතිකාර රඳා පවතී. ප්‍රතිකාර ක්‍රමවලට මේවා අයත් වේ:

  • උපදේශනය - කණ්ඩායම් සාකච්ඡා හා සංජානන චර්යාත්මක චිකිත්සාව (cognitive behavioural therapy) වාචික චිකිත්සාද ඇතුලුව
  • ඖෂධ
  • විෂහරණය - වෛද්‍යවරයකු හෝ හෙදියක් ඔබට ආරක්ෂාකාරී ලෙස මත්පැන් භාවිතය අඩු කිරීමට උපකාරී වීම; මෙය ඔබට ක්‍රමයෙන් මත්පැන් භාවිතය අඩු කිරීමට උදව් වීම මගින් හෝ මත්පැන් අතහැරීම නිසා ඇතිවන රෝග ලක්ෂණ වලට ඖෂධ ලබා දීම මගින් සිදු කළ හැක

මත්පැන් පානය නැවැත්වීමට උපකාර වන ඖෂධ වර්ග දෙකකි.

පළමු ආකාරය නම් කෙටි කාලීනව ක්‍රමයෙන් අඩු වන මාත්‍රාවකින් ලබා දෙනු ලබන මත්පැන් නැවැත්වීමේ රෝග ලක්ෂණ වළක්වන ඖෂධයි. වඩාත් බහුල මේ ආකාරයේ ඖෂධය ක්ලෝඩිඇක්සපොක්සයිඩ් (chlordiazepoxide) (ලිබ්‍රියම් Librium) වේ.

දෙවැනි ආකාරය නම් ඔබට මත්පැන් පානය සඳහා පැවතිය හැකි අවශ්‍යතාවය අඩු කිරීමයි. මේ සඳහා ඔකම්ප්රෝසේට් ( acamprosate) හා නැල්ට්‍රෙක්සෝන් (naltrexone) යන ඖෂධ බහුලව භාවිතා කෙරේ.

මේ දෙකම නියත මාත්‍රාවකින් ලබා දෙන අතර, සාමාන්‍යයෙන් ඔබට මාස 6 සිට 12 දක්වා කාලයක් සඳහා ලබා දෙනු ඇත.

මත්පැන් හා ගර්භණීභාවය

ගර්භණී මාතාවන්ට හා ගර්භණී බව බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට මද්‍යසාර කිසිසේත් පානය නොකර සිටීමට නිර්දේශ කෙරේ.

ගැබිණි කාලයේ මත්පැන් පානය කිරීම දරුවාට දීර්ඝ කාලීන අවදානම් ඇති කළ හැකි අතර, පානය කරන මත්පැන් ප්‍රමාණය වැඩි වීමත් සමඟ අවදානම වැඩි වේ.

ඔබට ගර්භණී සමයේ මත්පැන් භාවිතය සම්බන්ධ ගැටලු ඇත්නම්, ඔබේ වෛද්‍යවරයාට හෝ වින්නඹු මාතාවට කතා කරන්න.

ඔබ පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින්නේ නම්, ඔබේ සහකරුවා සතියකට මද්‍යසාර ඒකක 14 කට වඩා වැඩියෙන් භාවිතා නොකළ යුතු අතර, එය දින තුනක් හෝ වැඩි ගණනක් පුරා ඒකාකාරීව පැතිරිය යුතුය.

අධික මත්පැන් පානය ඔහුගේ ශුක්‍රාණු වල ගුණාත්මක බවට බලපෑ හැකිය.